ඔබේ ව්‍යාපාරය ගෝලීයව වර්ධනය කර ගැනීමට හොඳම ක්‍රමය ඊ-වාණිජ්යයයි
පරණ බිස්නස් එක අලුත් කරමුද…?
තාක්ෂණයේ දියුණුවත් සමග පාරිභෝගිකයින් භණ්ඩ හා සේවාවන් මිලදී ගන්නා ආකාරය සීඝ්රයෙන් වෙනස් වෙමින් පවතියි.

අතීතයේදී පාරිභෝගිකයා ඔබ අසලටම පැමිණ භාණ්ඩ හා සේවාවන් මිලදී ගත් අතර අද වන විත ඔබේ භාණ්ඩ හා සේවා පාරිබෝගිකයන් ළඟටම ඩිලිවර් කරන මට්ටමට පත්වෙමින් තිබේ.
කාර්ය බහුල ජීවිත ගත කරන අපි සියලුම ඉදිනෙදා කටයුතු ඉතාම පහසුවෙන් කර ගැනීමට නැඹුරු වෙමින් පවතී.
e-commerce කියන්නේ මොකක්ද…?
අන්තර්ජාලය භාවිතා කරමින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම විකිණීම සහ එම ගනුදෙනු වලට මුදල් ගෙවීම් අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාර ඊ-කොමර්ස් (“e-commerce“) ලෙස හදුන්වයි.
තම පරිගනකය හෝ ජංගම දුරකතනය ගෙන තමාට අවශ්‍යය භාණ්ඩ හා සේවාවන් අන්තර්ජාලයෙන් සොයා තම “cred හෝ debit card“ එකෙන්ම ගෙවීම් කර තම නිවසටම බඩු ටික ඩිලිවර් කරගන්න අවදියකට සමාජය සීඝ්රයෙන් ගමන් කරමින් තිබේ.

සිතා බලන්න… පාරිබෝගියකන් අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවා සොයන විට ඔබගේ ව්‍යාපාරය එහි නොතිබුන හොත් කුමක් සිදුවේද? මෙම සියලුම පාරිබෝගියන් ඔබට අහිමි වී යයි. ඔබගේ විකුණුම් දිනෙන් දින අඩු වේ. ආදායමද එසේම අඩුවේ.
අමතක කරන්න එපා… ඔබගේ තරඟකරුවන් ඔබට පෙර මෙම තාක්ෂණයට (“e-commerce එසේත් නොමැතිනම් online shop“) පිවිසුන හොත් තවදුරටත් ඔබේ ව්‍යාපාරය ඔවුන්ගේ ව්‍යාපාරයට තරඟකරුවෙකු නොවේ. ඔවුන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන අතර ඔබගේ ව්‍යාපාරය තවදුරටත් කරගෙන යෑමට නොහැකි තත්වයට පත්වෙනු ඇත.
ඇයි ඔබේ ව්‍යාපාරයක “e-commerce / online store” එකක් එකතු කරගත යුත්තේ…?
– අද වන විට මිනිසුන් භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමට වෙළඳසැලකට නොයන තරම්ය… සියලුම භාණ්ඩ හා සේවාවන් ඕඩර් එකක් දමාගෙන තම නිවසටම ගෙන්වා ගැනීමට පාරිබෝගිකයන් පුරුදුවී සිටී.
– ව්‍යාපාරය / ආයතනය පිහිටා ඇති ස්තානය බලනොපායි.
උදාහයනයක් ලෙස… ඔබේ ව්‍යාපාරික ස්ථානය පිහිටා තිබෙන්නේ කොළඹ නගරයේ නම්, කුරුනෑගල සිටින පුද්ගලයෙකුට ඔබගෙන් යමක් මිලදී ගැනීමට නම් කුරුනෑගල සිට කොළඹට පැමිනිය යුතුයි. පාරිභෝගිකයාගේ කාලය සහ ගමන් වියදම පිලිබදව සලකා බලන්න.

නමුත් ඔබට “online store“ එකක් තිබේ නම් ලංකාවේ කොහේ කොතැනක ඔබේ පාරිබෝගිකයන් සිටියත් අන්තර්ජාලය හරහා ඔබේ භාණ්ඩ හා සේවාවන් මුදල් ගෙවා ඉතාමත් පහසුවෙන් ලබා ගත හැක.
පාරිබෝගියාගේ කාලය සහ මුදල් ඉතිරි වන නිස ඔබගේ පාරිබෝගිකයන් ඔබගේ සේවාව පිළිබඳව තවත් තෘප්තිමත් වන අතර පාරිබෝගිකයන් අහිමිවීමේ අවදානමද පහව යයි.

පාරිබෝගිකයින් සිටින ස්ථානය තවදුරටත් ඔබට ගැටලුවක් නොවේ.
උදාහරණයක් ලෙස – ඔබ අසා ඇත “www.ebay.com / www.alibaba.com” වැනි ලෝකය පුරාම විහිදුනු “e-commerce“ ව්‍යාපාර ගැන. ඔවුන්ට ලෝකය පුරාවටම පාරිබෝගිකයින් ඇත. රහස නම් “e-commerce“ ව්‍යාපාරයයි.
– ඔබගේ පාරිබෝගික පදනම (“customer base“) දිනෙන් දින වැඩි වේ.
අන්තර්ජාලය හරහ ගණුදෙනු කරන පිරිස දිනෙන් දින ඉහල යන බැවින් ඔබගේ ව්‍යාපාරයට පැමිනෙන පාරිබෝගිකයින් ගණනද ඉහල යයි. ඔබගේ සේල ප්‍රමාණයද ආදායමද දෛයිනිකව ඉහල යයි.

– ඔබගේ පිරිවැය (“cost“) පහල යයි.
උදාහරනයක් ලෙස ඔබට “online store“ එකක් තිබේ නම් එහි ඔබගේ සියලුම භාණ්ඩ හා සේවාවන් ප්‍රදර්ශණය කල හැකි වේ. ඔබගේ ඔන්ලයින් බිස්නස් එකට එන සියලුම පාරිබෝගිකයින්ට ඔබේ භාණ්ඩ හා සේවාවන වල සියලුම විස්තර එහිදී බලාගත හැක. එවිට ඔබට භෞතික ලෙස භාණ්ඩ ප්‍රදර්ශණය කිරීමට “show rooms“ එකක් අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම මෙම “show rooms“ වලට යෙදවීමට අමතර සේවකයන්ද අවශ්‍ය වන්නේ නැත.

– පාරිබෝගිකයාට භාණ්ඩ සන්සන්දනය කර බැලීමට අවස්තාව උදා වේ.
ඔනෑම පාරිභෝගිකයකු කැමතියි තමා යමක් මිලදී ගැනීමට පෙර එය පිළිබඳව හොඳින් සොයා බලා මිල ගනන් සන්සන්දනය කර මිලදීගැනීමට.

– පැය 24 පුරාවටම විවෘතයි (“open 24 x 7“)
ඔබගේ දැනට පවතින ව්‍යාපාරය පැය 24 පුරාවටම විවෘත කර තැබීමට ඔබට ප්‍රායෝගිකව නොහැක.

නමුත් “e-commerce“ ව්‍යාපාරයක් තිබීම තුලින් ඔබගේ ව්‍යාපාරය දවස් 365 දීම පැය 24 පුරාවටම පාරිභෝගිකයන්ට විවෘත කර තැබිය හැක. එනම් ඔබ නිදාගෙන සිටින විටදී පවා ඔබගේ ව්‍යාපාරය අවදියෙන් ඔබගේ ආදායම වැඩි කරයි.